2025
DSA 609 | ඒකක අගය 4.0
දත්ත විද්‍යාව සහ AI පිළිබඳ පර්යේෂණ සහ යෙදුම්: සම්මන්ත්‍රණ පාඨමාලාව
කාලය: ආසන්න වශයෙන් ස්වාධීන ඉගෙනුම් පැය 400
මෙම පාඨමාලාව දත්ත විද්‍යාව (Data Science) සහ කෘතිම බුද්ධිය (Artificial Intelligence) සම්බන්ධ කරුණු ගැඹුරු ලෙස විමසයි. සිසුන් විවෙචනාත්මක සංවාදවල නිරත විය යුතු අතර, පර්යේෂණ ප්‍රතිඵල ඉදිරිපත් කරමින් සහයෝගී ඉගෙනුම් ක්‍රියාකාරකම් වලට ද සහභාගී විය යුතුය. මෙම පාඨමාලාවේ අරමුණ වන්නේ දත්ත විද්‍යාව හා කෘතිම බුද්ධියෙහි ක්‍රමවේද සහ ප්‍රායෝගික යෙදුම් පිළිබඳ සිසුන්ගේ අවබෝධය වැඩිදියුණු කිරීමත්, පර්යේෂණ, විශ්ලේෂණ හා ඉදිරිපත් කිරීමේ හැකියාවන් වර්ධනය කිරීමත් වේ.
පාඨමාලාවේ අරමුණ/අපේක්ෂිත ඉගෙනුම් ප්‍රතිඵල
පාඨමාලාව අවසානයේ, පහත සඳහන් දේ සිසුන්ට හැකි වනු ඇත.
- දත්ත විද්‍යාව සහ කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රවල අලුත්ම ප්‍රගති හා පර්යේෂණ ලිපි විශ්ලේෂණය කර විවෙචනාත්මක ලෙස ඇගයීම.
- සංකීර්ණ තාක්ෂණික කරුණු පැහැදිලිව හා නිරවද්‍යව ඉදිරිපත් කර සංවාද කිරීම.
- දත්ත විද්‍යාව සහ කෘතිම බුද්ධියෙහි උසස් මට්ටමේ කරුණු පිළිබඳව ගැටළු විසඳීමේ ක්‍රියාකාරකම් වල නිරත වීම.
- සම්මන්ත්‍රණයේ විෂය පථය තුළ මාතෘකාවක් පිළිබඳව ස්වාධීන පර්යේෂණ සිදුකිරීම.
උපායමාර්ග / ඉගෙනුම් ක්‍රමවේද
ප්‍රධාන වශයෙන් ස්වයං අධ්‍යයනයක් (self-learning) පදනම් කර ගනු ලැබේ. අවශ්‍යතාවයක් ඇති විට, විශ්වවිද්‍යාල අධ්‍යයන අධ්‍යක්ෂකයා හා තාක්ෂණික අධීක්ෂක වෙතින් මඟපෙන්වීම ලබා දෙනු ලැබේ.
ඇගයීම් ක්‍රියාවලිය
අඛණ්ඩ ඇගයීම – 100%
(වාර්තා ඉදිරිපත් කිරීම, වාචික ඉදිරිපත් කිරීම, සහ ප්‍රශ්නෝත්තර සාකච්ඡා ආකාරයන්ද ඇගයීම් ක්‍රියාවලියට අදාළ විය හැක)
අවසාන ඇගයීම – 0%
(මෙම පාඨමාලාව සඳහා අවසාන පරීක්ෂණයක් නොපවතී. සියලුම ඇගයීම් අඛණ්ඩ ඇගයීම (Continuous Assessment) මත පදනම් වන අතර, පාඨමාලා කාලය පුරා සිදු කරන ලද පර්යේෂණ ක්‍රියාකාරකම්, ආවර්තන වාර්තා, සහ ඉදිරිපත් කිරීම් මඟින් සිසුන්ගේ ප්‍රගතිය ඇගයීම් කරනු ලැබේ.)